111AAA

යාපනය, එලාලෙයි, මයිලන්කාඩු ප්‍රදේශයේ තිබි පිළිස්සුණු පුද්ගල මළ සිරුරක් අද(26) උදෑසන සොයාගත් බව යාපනය චුන්නාකම් පොලිසිය පවසයි.

යාපනය, එලාලෙයි, මයිලන්කාඩු ප්‍රදේශයේ තිබි පිළිස්සුණු පුද්ගල මළ සිරුරක් අද(26) උදෑසන සොයාගත් බව යාපනය චුන්නාකම් පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ ලද තොරතුරක් මත ඒලාලෙයි, මයිලන්කාඩු ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 82 ක් වු එස්.නඩේෂමූර්ති නමැති පුද්ගලයෙකුගේ මළ සිරුර එලෙස සොයාගත් බවයි.

මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල් මෘත ශරීරාගාරයට යොමු කර ඇත.

අදාළ සිදුවීම ඝාතනයක්ද නැතහොත් සියදිවි නසාගැනීමක්ද යන්න සම්බන්ධයෙන් සොයා චුන්නාකම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Post a Comment

0 Comments