111AAA

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයම අගුළු දමයි!!

දෙවැනි කොරෝනා රැල්ල ඇතිවීමත් සමඟ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයම සති 6කට අගුළු දැමීමට නියෝග කර තිබෙනවා. 
එහෙත් මහජන මහල් නිවාසවල වාසය කරන 3,000ක පිරිසක් හමුවේ දැඩි අගුලු දැමීමේ කොන්දේසි ක්‍රියාත්මක කර තිබෙනවා. 
අනිත් මෙල්බර්න් වැසියන්ට මෙන් නොව මේ මහල් නිවාසවල සිටින අයට කිසිසේත්ම එළියට පැමිණීමට නොහැකි අතර ඔවුන්ට පොලිස් මුරකාවල්ද යොදා තිබෙනවා.
මෙතෙක් ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක දැඩිම අගුළු දැමිම මෙය බව පැවැසේ.
(News liveat8.lk) 

Post a Comment

0 Comments